ශ්‍රී ලංකාව ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට


ශ්‍රී ලංකාව 57-42 හොංකොං

ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (13දා) සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම ලකුණු 57-42 ක් ලෙස පරාජය කරමිනි. 

ආරම්භයේ පටන් මෙම තරගය ඉතා තියුණු මුහුණුකරක් ගත් අතර, එහි පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-23 ක් ලෙස එක ලකුණක ඉදිරියෙන් ශ්‍රී ලංකාව සිටියේය.

මේ අතර අද පැවැති අනෙක් අවසන් පූර්ව තරගයෙන් මැලේසියාව ලකුණු 46-39 ක් ලෙස පරාජය කිරීමට සත්කාරක සිංගප්පූරුව සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර පැවැත්වෙන අවසන් මහා තරගය හෙට (14දා) පැවැත්වෙයි. 

 



Recommended Articles