ශ‍්‍රී ලංකාව 5 වැනි ස්ථානයට


ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේ 5 වන ස්ථානය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (13දා) සමත් විය. ඒ, තියුණු තරගයකින් පසු කොරියා කණ්ඩායම තරඟ වට 3ට 2ක් ලෙස පරාජයට පත් කරමිනි

තරගයේ ලකුණු තත්ත්වය දැක්වූයේ 21-25 ලෙස පළමු වටකොරියාවද , 25-21ක් හා 25-22ක් ලෙස දෙවන සහ තෙවන වට 2ක ශ්‍රී ලංකාව, හතර වන වටය 23-25ක් ලෙස කොරියාවද,අවසන් වටය 15-12ක් ලෙසින් ශ්‍රී ලංකාවට ජය ගනිමිනි.

ආසියානු වොලිබෝල් තරගාවලියකදී ශ්‍රී ලංකාව පෙන්වූ ඉහළම දක්ෂතාවයද මෙය වෙයි.

ඡායාරූප ඉසුරු පෙරේරා



Recommended Articles