ආසියානු අයෝමය ශූරයා තරගාවලියේ ලාංඡනය එළිදක්වයි


එලඹෙන ජුනි මස කොළඹදී පැවැත්වීමට නියමිත 48 වැනි ආසියාතික අයෝමය ශූරයා තරගයේ නිල ලාංඡනය එළිදැක්වීම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30දා) සවස කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි.

මෙම තරගයට සමගාමීව ක්‍රියාත්මක වන එහි පූර්ව ප්‍රචාරක වැඩසටහන් මාලාවක් පිළිබඳවද එහිදී මාධ්‍ය දැනුවත් කෙරුණු අතර, උත්සවය සඳහා සම්භාවනීය අමුත්තෝ රාශියක් සහභාගී වූහ.

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු



Recommended Articles