ආරෝන් ෆින්ච් විස්සයි20 නායකත්වයට


ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දුවාර විස්සයි20 නායකත්වය සඳහා අරොන් ෆින්ච් ඊයේ (08දා) නම් කොට තිබේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මීට පෙර පන්දුවාර 20 නායකයා වූ ජෝර්ජ් බෙලී පෙරේදා (07දා) සිය නායකත්වයෙන් ඉවත් වීම හේතුවෙන් ෆින්ච් නව නායකයා ලෙස පත්කොට තිබේ.

ෆින්ච්ගේ නායකත්වය යතේ ඔස්ට්‍රේලියා කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් (05දා) වැනිදා ඩුබායිහිදී පාකිස්තානයට එරෙහිව පළමු පන්දුවාර  විස්සයි20 තරගයට ක්‍රීඩා කරනු ඇත.

 27 හැවිරිදි ආරොන් ෆින්ච් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවාර විස්ස තරග 18 කට එක්ව ලකුණු 660 ක් ලබා ඇති අතර, ඔහු ඔස්ට්‍රේලියාවේ 07 වැනි පන්දුවාර විස්සයි 20 නායකයාද වෙයි.

 



Recommended Articles