ආර්ජන්ටිනාව නෙදර්ලන්තය අවසන් පූර්ව වටයට


පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාවත්, නෙදර්ලන්තයත් සමත්විය. ඒ ඊයේ (05දා) රාත්‍රියේ හා අද (06දා) අලුයම පැවැති තරග දෙකක් ජයගනිමිනි.

ආර්ජන්ටිනාව හා කොළොම්බියාව අතර ඊයේ (05දා) රාත්‍රිෙය්දී පැවැති තරගයේදී ගෝල 1-0 ක් ලෙස ආර්ජන්ටිනාව ජයගත්තේ තරගයේ 8වැනි විනාඩියේදී ආර්ජන්ටිනා කණ්ඩායමේ ගොන්සාලෝ හිගුආයින් තරගයේ 8වැනි විනාඩියේදී වාර්තා කළ ගෝලය හේතුවෙනි.

නෙදර්ලන්තය හා කොස්ටා රිකා කණ්ඩායම අතර අද (06දා) අලුයම පැවැති තරගය දඩුවම් පහර 4-3ක් ලෙස නෙදර්ලන්තය ජයගනු ලැබීය.

ඒ අනුව අවසන් පූර්ව වටය සඳහා ජර්මනිය, බ්‍රසීලය, ආර්ජන්ටිනාව හා නෙදර්ලන්තය සුදුසුකම් ලබා තිබේ.

 



Recommended Articles