ආධුනික බොක්සිං තරගාවලියේ වැඩි ගෞරව හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයට


ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය සංවිධානය කරන ලද ආධුනික පාසල් බොක්සිං තරගාවලියේ වැඩි ගෞරව දිනාගැනීමට හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨය සමත් විය.

ඒ කාණ්ඩ 04 ක් යටතේ පැවැති තරගාවලියේ වයස අවුරුදු 14-15 වයස්  කාණ්ඩ සඳහා පැවැති පාසල් පිරිමි  (ඩයන් ගෝමස් අභියෝගතා කුසලානය) ශූරතාවත් අවුරුදු 15-16 වයස් කාණ්ඩය සඳහා පැවැති කනිෂ්ඨ පිරිමි ශූරතාව (හර්බට් ඇඹුල්දෙණිය අභියෝග ශූරතා) දිනාගනිමිනි.

 තරගාවලියේ ඉතිරි අංශ ද්විත්වය වූ වයස අවුරුදු 14 -15 වයස් කාණ්ඩ සඳහා වෙන් වූ පාසල් කාන්තා (හර්බට් ඇඹුල්දෙණිය අභියෝග ශූරතා) අංශයේ ශූරතාව හොරණ ප්‍රජාපතී බාලිකා විද්‍යාලය විසිනුත්  15 -16 අංශ සඳහා වෙන් වූ ආධුනික කාන්තා (ඊවා ඇඹුල්දෙණිය අභියෝගතා කුසලානය) අංශයේ ශූරතාව  හඟුරන්කෙත පල්ලෙබෝවල මහා විද්‍යාලයත් හිමි කරගන්නා ලදී.

දින හතරක් (21-24) පුරාවට පැවැත්වුණු තරගාවලියේ පළමු දින තුනේ තරග කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදීත්, අවසන් දිනයේ තරග කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන බොක්සිං පිටියේදීත් පැවැත්විණි.

 



Recommended Articles