අවුරුදු 15ට වඩා පීඩනය මාස තුනෙන් - නවීන්


තමාගේ දේශපාලන දිවිය ආරම්භ කර වසර 15ක් වන බවත්, සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය බාර ගැනීමෙන් පසුව පසුගිය මාස තුනේදී ඇතිවූ පීඩනය තරම් පීඩනයක් පසුගිය අවුරුදු 15දී නොදැනුණ බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක  මහතා පැවැසීය.

ක්‍රීඩා කෞතාගාරය ඉදිකිරීම සඳහා අද (21දා) පැවැත් උත්සවයකදී ඔහු මේ බව පැවැසීය. එසේම ඒ සඳහා ප්‍රධාන හේතුව ක්‍රීඩා සංගම් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ක්‍රීඩා රෙගුලාසි ඉදිරි මාස දෙකක කාලය තුළදී වෙනස්වෙනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවැසීය. 

ඡායාරූප ඉසුරු පෙරේරා



Recommended Articles