අවශ්‍යම මොහොතේදී ගේල් ක්‍රියාත්මක වෙයි


ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ලයන්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ඊයේ (18දා) පැවැති තරගයෙන් ලකුණු 21ක ජයක් ලැබීමට බැංගලෝර් කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 213ක් රැස්කළේය. අවශ්‍යම මොහොතේදී ක්‍රියාත්මසක වූ ක්‍රිස් ගේල් පන්දු 38කදී ලකුණු 77ක් රැස්කරමින් තරගය සඳහා හොඳ ආරම්භයක් ලබාදුන්නේය. ඔහු නායක විරාත් කෝලි හා එක්ව පළමු කඩුල්ලට ලකුණු 122ක් සබඳතාවක් ගොඩනැගුවේ පන්දුවාර 12.4කිනි.

විරාත් කෝලි පන්දු 50කදී ලකුණු 64ක් රැස්කළේය. ආරම්භක පිතිකරුවන් ලබාදුන් සාර්ථක ආරම්භය තවදුරටත් ඉදිරියට ගෙන ගිය ට්‍රැවිස් හෙඩ් පන්දු 16කදී ලකුණු 30ක් හා කේඩර් ජාඩෙව් පන්දු 16කදී ලකුණු 38ක් රැස්කළේය.

ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ගුජාරට් කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 7ට රැස්කළ හැකිවූයේ ලකුණු 192ක් පමණි. බ්‍රෙන්ඩන් මැකල් ලකුණු 72ක් රැස්කරමින් ප්‍රතිවාදීන්ට හොඳ තරගයක් දුන්නත් එය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.  තරගයේ වීරයා ලෙස බැංගලෝර් කණ්ඩායමේ ක්‍රිස් ගේල් සම්මාන ලැබීය. 

261720

0102

 



Recommended Articles