අයර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට


ලෝක කුසලාන රග්බි තරගාවලියේ 'ඩී' කාණ්ඩයේ ඊයේ (04දා) පැවති තරගයකින් ඉතාලි කණ්ඩායම පරාජය කර ලකුණු 16 - 09 ක් ලෙස ජය ලැබීමට අයර්ලන්තය සමත්විය.

ඒ අනුව මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට අයර්ලන්තයට හැකිවිය.

මෙම තරගයේ පළමු අර්ධය අවසන් වනවිටත් අයර්ලන්ත ක්‍රීඩකයෝ ලකුණු 10 - 06 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.

ජයග්‍රාහී අයර්ලන්ත ක්‍රීඩකයෝ ගෝල දිනුමක් හා උත්සාහක දිනුම් 03ක් සාර්ථක කරගැනීමට සමත්වූ අතර, ප්‍රතිවාදි ඉතාලි ක්‍රීඩකයන්ට ඔවුන් ඉදිරියේ සාර්ථක කරගැනීමට හැකිවූයේ දඩුවම් පහර 03ක් පමණි.



Recommended Articles