අභියාචනය අවසන්වන තෙක් චාමරට ක්‍රීඩා කිරීමට අවස්ථාව?


පානදුර ක්‍රිඩා සමාජය හා කලුතර ක්‍රීඩා සමාජය අතර මතභේදයට තුඩු දුන් තරගය හේතුවෙන් වසර දෙකක ක්‍රිකට් තහනමක් ලක්වූ චාමර සිල්වා, මනෝජ් දේශප්‍රිය හා අනෙකුත් ක්‍රීඩකයන්ට එරෙහිව පැනවූ වසරක තහනම තාවකාලිකව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.

ඒ එම ක්‍රීඩකයන් ගොනු කළ අභියාචනා සලකා බලමිනි. ඔවුන්ගේ අභියාචනා විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් ක්‍රිකට් ආයතනය විසින් පත්කළ අතර එම කමිටුව විසින් ක්‍රිකට් විධායක කමිටුවෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව විධායක කමිටුව ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තාවෙයි.

අභියාචනා විමර්ශනය කර අවසන්වන තෙක් ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීමටත් ඉන් පසුව අභියාචනා කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් නියමිත බව වාර්තා වෙයි.

ක්‍රීඩකයන්ට පනවා ඇති තහනම් පමණක් මෙසේ තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර තිබේ.

i copy

 

 

 



Recommended Articles