අබ්දුල් ජබාර් ශූරතා පළිහ නැවතත් ඉසිපතනයට


කොළඹ ඉසිපතන හා තර්ස්ටන් දෙවිදුහල් අතර වාර්ෂිකව 'අබ්දුල් ජබාර්' ශූරතා පළිහ වෙනුවෙන් පැවැත්වෙන රග්බි තරගයේ  ශූරතාව නැවතත් තමන් සතු  කර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. ඒ මෙවර තරගයෙන් ලකුණු 50-07 ක පහසු ජයක් හිමිකර ගනිමිනි.

48 වැනි වරට පැවති මෙම තරගය කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගනයේදී ඊයේ (05) පැවැත්විණි.

තරගයේ ආරම්භයේ පටන් ආධිපත්‍යය ඉසිපතන විදුහල සතුව පැවති අතර පළමු අර්ධය අවසනදී ඉසිපතන විදුහල ලකුණු 31-00 ක් ලෙසින් ඉදිරියෙන් පසුවිය.

ජයග්‍රාහී ඉසිපතන ක්‍රීඩකයෝ ගෝල දිනුම් 5 ක් හා උත්සාහක දිනුම් 3 ක් මගින් ලකුණු රැස් කළ අතර තර්ස්ටන් විදුහල එක් ගෝල දිනුමක් පමණක් සාර්ථක කර ගත්හ.  

IMG_7417 IMG_7429 IMG_7432 IMG_7463 IMG_7470 IMG_7478 IMG_7494 IMG_7509

IMG_7586

ඉසිපතන කණඩායමේ නායකයා විසින් ශූරතා පළිහ ලබා ගනිමින්

IMG_7600

ශූරතාව දිනා ගත් ඉසිපතන කණ්ඩායම

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles