අනෙකුත් කණ්ඩායම්වලට තරගයක් ලබා දීමට හැකිවීම ගැන සතුටුයි


සාර්ථකත්වයන් කිහිපයක් සමගින් මෙවර ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අනෙකුත් කණ්ඩායම්වලට යම් තරගයක් ලබා දීමට හැකිවීම පිළිබඳ සතුටු වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර පැවසුවාය. තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් පසු ඊයේ (18දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.

රටවල් 08ක සහභාගිත්වයෙන් පසුගිය ජූනි 24 වැනිදා සිට එළඹෙන ජූලි 23 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වූ අතර, තරගාවලියේ සහභාගි වූ තරග 07න් 06ක් පරාජයට පත්වීමට ඔවුන්ට සිදු විය. නමුත් සහභාගි වූ අවසන් තරගයෙන් පාකිස්තානය පරාජය කරමින් 07 වැනි ස්ථානය දිනා ගැනීමට ඔවුහු සමත් වූහ. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක් වූ ශ්‍රී ලංකා නායිකාව,

''තරගාවලියේදී අපි ලබපු සාර්ථකත්වයන් කිහිපයක් තිබ්බා. එකක් තමයි චමරි අතපත්තුගේ ප්‍රහාරාත්මක ඉනිම. ඒ වගේම තරගාවලිය ජයග්‍රහණයක් සහිතව අවසන් කරන්න හැකි වීම. ඒ දිහා බැලුවහම මට සතුටු වෙන්න පුළුවන්. පහුගිය කාලෙදී අපේ පිතිකරණයේ ලොකු වැඩිදියුණුවක් තිබ්බෙ නෑ. නමුත් මේ තරගාවලියේදී දක්‍ෂ කණ්ඩායම්වලට තරගයක් දෙන්න හැකි වීම ගැන සතුටුයි'' යනුවෙන් පැවසුවාය.

ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

AID_2779 AID_2792 AID_2795 AID_2806  AID_2826



Recommended Articles