අනූෂාගේ ලෝකඩ පදක්කම ඉතිහාසයට


2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු බොක්සිං පදක්කම හිමිකර දීමට සුපිරි බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු සමත්වූවාය. ඒ කාන්තා කිලෝ ග්‍රෑම් 45-48 බර පංතියෙනි.

ඇය අවසන් පූර්ව තරගයේදී ඉන්දීය සුපිරි බොක්සිං ක්‍රීඩික මේරි කොම් හමුවේ පරාජයට පත්වූවාය. ඒ අනුව මේරි අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තාය.

මෙම පදක්කමත් සමගින් ශ්‍රී ලංකාව මේ දක්වා හිමිකරගත් පදක්කම් සංඛ්‍යාව එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් දක්වා වර්ධනය විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියකදී කාන්තා බොක්සිං ක්‍රීඩිකාවක් විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය කළ පළමු බොක්සිං පදක්කම මෙය වෙයි.

Anusha

 



Recommended Articles