අන්තර්පාසල් ලීග් රග්බි කුසලාන ශූරතාව රාජකීයයන්ට


කොළඹ ඉසිපතන විදුහල ලකුනු 21-08 ක් ලෙස පරාජයට පත් කරමින් මෙවර සිංගර් අන්තර්පාසල් ලීග් රග්බි කුසලාන ශූරතාවය හිමි කර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති තරගයේ පළමු අර්ධය අවසන් වන විටදී ලකුණු 15-08 ක් ලෙස ඉදිරියෙන් පසු වීමට රාජකීය විදුහල සමත් විය.

තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් මෙවර ශූරතාව හිමි කර ගැනීමටද ඔවුන් සමත් වීම විශේෂත්වයකි.

එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමග දෙවිදුහල් අතර  වාර්ෂික මිල්රෝයි ප්‍රනාන්දු කුසලානයද තමන් සතු කර ගැනීමට රාජකීයයන් සමත් විය.

ඔවුන් අවසන් වරට එම ශූරතාව 2011 වර්ෂයේදී හිමි කර ගත්තත් නැවතත් 2012 වර්ෂයේදී එය ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු 



Recommended Articles