අන්තර්පාසල් ලීග් රග්බි පළඟ ශූරතාව බොරැල්ල වෙස්ලි විදුහලට


සිංගර් අන්තර්පාසල් ලීග් රග්බි පළඟ ශූරතාව පිට පිට දෙවැනි වතාවටද තමන් සතු කර ගැනීමට බොරැල්ල වෙස්ලි විදුහල සමත් විය. ඒ තරගාවලියේ පළඟ ශූරතා අවසන් තරගයේදී මහනුවර ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 26-20 ක් ලෙස පරාජයට පත් කරමිනි. තරගයේ පළමු අර්ධය අවසන් වන විටදී ලකුනු 7-6 ක් ලෙස වෙස්ලි විදුහල ඉදිරියෙන් පසුවිය.

ජයග්‍රාහී වෙස්ලි ක්‍රීඩකයෝ ගෝල දිනුම් 3ක් හා එක් උත්සාහක දිනුමක් මගින්ද ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන් ගෝල දිනුම් 2 ක් හා දඩුවම් පහර දෙකක් මගින්ද ලකුනු රැස් කළහ.

පසුගිය වර්ෂයේ තරගාවලියේ අවසන් තරගයේදී ද වෙස්ලි විදුහල විසින් ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරමින් පළඟ ශූරතාව හිමි කර ගැනීමට සමත් විය.

ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 



Recommended Articles