අන්ඩ්‍රෙස් ඉනියෙස්ටා බාසිලෝනා කණ්ඩායමට සමුදෙයි


වසර 22ක් බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අන්ඩ්‍රෙස් ඉනියෙස්ටා පසුගිය ඉරිදා එම කණ්ඩායමෙන් ඉවත්විය. චීන කණ්ඩායමක් සමග නව ගිවිසුමකට එක්වීම හේතුවෙන් ඔහු බාසිලෝනා කණ්ඩායමෙන් ඉවත්විය.

බාසිලෝනා කණ්ඩායම සමග තරග 650කට වැඩි ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇති ඉනියෙස්ටා බාසිලොනා කණ්ඩායමට ශූරතා කුසලාන 37ක් ජයග්‍රහණය කිරීමට දායකත්වය ලබාදී ඇත.

ඔහු කණ්ඩායමෙන් ඉවත්වන විට බාසිලෝනා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර අතර පාපන්දු පිටියේ වෙනසක් කළ පුද්ගලයෙක් ලෙස ඉනියෙස්ටා පිළිගනියි.

බාසිලෝනා නොවූ කෑම්ප් පිටියේදී පසුගිය ඉරිදා අවසන් තරගයට ක්‍රීඩා කළ ඉනියෙස්ටාට ජයග්‍රාහි සමුගැනීමක් හිමිවූයේ රියල් සෝසිඩෑඩ් හා පැවැති තරගය ගොල 1-0ක් ලෙස ජයගනමිනි.

ඉනියෙස්ටාගේ අවසන් තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් එක්ව සිටි අතර සිය අවසන් තරගය ඉනියෙස්ටාට මහත් වේදනා ගෙන දුන් ආකාරයක් දක්නට ලැබිණි.

මේ අතර තරගය නිමා වීමෙන් පසුවද පසුදින අලුයම 01 පමණ වෙන තෙක් කිසිවෙක් නොසිටි නොවූ කෑම්ප් පිටියේ මැද වාඩි වී බොහෝ වේලාවක් ගත කිරීමට ඉනියෙස්ටා කටයුතු කර තිබුණි.

180521100910-andres-iniesta-of-fc-barcelona-sits-on-the-pitch-super-169 180521100911-andres-iniesta-waves-at-the-end-of-a-tribute-super-169 180521100913-fans-pay-tribute-to-barcelonas-spanish-midfielder-andres-iniesta-super-169 180521100914-andres-iniesta-is-thrown-in-the-air-by-teammates-super-169 180521100915-barcelona-fans-attend-a-tribute-for-barcelonas-spanish-midfielder-andres-iniesta-super-169 i



Recommended Articles