අගමැති කුසලානයේ අවසන් තරගයට ආනන්ද විදුහල සුදුසුකම් ලබයි


මයිලෝ අන්තර්පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අගමැති කුසලානයේ අවසන් තරගයට පිවිසීමට කොළඹ ආනන්ද විදුහල සමත් විය.

ඒ තරගාවලියේ ඊයේ (17) පැවති පළමු අවසන් පූර්ව වටයේ තරගයෙන් කොළඹ තර්ස්ටන් විදුහල පරදා ලකුණු 30-27 ක ජයක් හිමි කර ගනිමිනි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදි පැවති තරගයේ පළමු අර්ධයේ පටන් දැඩි තරගාකාරී ක්‍රීඩා විලාශයක් තිබූ අතර එම අර්ධය අවසන් වූයේ ලකුණු 13-10 ක් ලෙසින් ආනන්ද විදුහල ඉදිරියෙන් සිටිමිනි.

ජයග්‍රාහී ආනන්ද විදුහල ගෝල දිනුමක් , උත්සාහක දිනුම් 4 ක් හා දඩුවම් පහරක්  ආධාරයෙන් සිය ලකුණු රැස් කර ගනිද්දී තර්ස්ටන් විදුහල ගෝල දිනුම් දෙකක් ,උත්සාහක දිනුම් 2 ක් හා දඩුවම් පහරක් මගින් සිය ලකුණු රැස් කළහ.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (18) පැවැත්වේ.

 

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය

 



Recommended Articles