අඛණ්ඩව දෙවැනි වරටත් පාසල් රග්බි ලීග් ශූරතාව රාජකීයයන්ට


සිංගර් අන්තර්පාසල් (19 න් පහළ පළමු කොටසේ) රග්බි ලීග් ශූරතාව අඛණ්ඩව දෙවැනි වරටත් හිමිකර ගැනිමට කොළඹ රාජකීය විදුහල සමත් විය. ඒ තරගාවලියේ අවසන් සතියේ බම්බලපිටිය ශා. පීතර සමගින් පැවති තරගයෙන් ලකුණු 32-13 ක පහසු ජයක් වාර්තා කරමිනි.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණ පිටියේදී අද (09) තරගය පැවැත්විණි. තරගයේ පළමු භාගය නිමාවූයේ ලකුණු 12-03 ක් ලෙසින් රාජකීය විදුහල ඉදිරියෙන් සිටිමිනි.

ජයග්‍රාහි රාජකීය විදුහල ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 3 ක් හා දඩුවම් පහරක් ආධාරයෙන් ලකුණු රැස් කළ අතර ගෝල දිනුමක් හා දඩුවම් පහර දෙකක් මගින් ශා. පීතර ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.

මේ සමගින් මෙවර තරගාවලිය අපරාජිතව නිමා කිරීමට රාජකීය විදුහල සමත් වු අතර ඔවුන් අවසන් වරට 2015 වර්ෂයේදීද අපරාජිතව මෙම ලීග් ශූරතාව හිමිකර ගත්හ.

IMG_7854 IMG_7863 IMG_7897 IMG_7933 IMG_7942 IMG_7963 IMG_7982 IMG_8020 IMG_8031 IMG_8171 IMG_8219

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය

 



Recommended Articles