අඛණ්ඩව දෙවැනි වරටත් ‘ද පපරේ’ පැසිපන්දු තරගාවලියක්


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවියක් වන ‘ද පපරේ’ වෙබ් අඩවියේ අනුග්‍රහයෙන් අඛණ්ඩව දෙවැනි වරටත් පාසල් පැසිපන්දු තරගාවලියක් පැවැත්වීමට ඩයලොග් ආසියාටා සමාගම ඉදිරිපත්ව තිබේ.

පාසල් පැසිපන්දු සංගමය හා ඒකාබද්ධව සිදුකෙරෙන මෙම තරගාවලිය වයස අවුරුදු 19න් පහළ සමස්ත ලංකා ‘ඒ’ කාණ්ඩයේ තරගාවලියක් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය වී තිබේ.

මෙහි බාලිකා තරග ලබන මස 02දා කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේදී උදෑසන 07.00ටද, බාලක තරග ලබන මස 05 වැනිදා උදෑසන 07.00ට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේදීද ආරම්භ වීමට නියමිතය. අවසන් තරගය විදුලි ආලෝක ධාරා මධ්‍යයේ ලබන මස 17 වැනිදා හෙන්රි ප්‍රේදිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුවක් අද (14දා) ඩයලොග් ආසියාටා ප්‍රධාන කාර්යාලයේදී පාසල් පැසිපන්දු සංගමයේ, ඩයලොග් ආසියාටා සමාගමේ හා ද පපරේ වෙබ් අඩවියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

AID_4949 AID_4953 AID_4958 AID_4960 AID_4967 AID_4971

ඡායාරූප ඉසුරු පෙරේරා



Recommended Articles