අඛණ්ඩව තෙවැනි වරටත් කොළඹ කණ්ඩායම පාපන්දු ශූරයින් වෙයි


අඛණ්ඩව තෙවැනි වරටත් චැම්පියන්ස් ලීග් පාපන්දු කිරුළ තමන් සතු කර ගැනීමට කොළඹ පාපන්දු කන්ඩායම සමත් විය. ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදි ප්‍රභල රිනවුන් පරදා ගෝල 1-0 ක ජයක් හිමි කර ගනිමිනි.

කොළඹ තුරඟ තරග පිටියේදි පැවති තරගයේ ආරම්භයේ පටන් කන්ඩායම් දෙකෙන්ම තියුණු ක්‍රීඩා විලාශයක් දක්නට ලැබුණද 38 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ එම්.එන්.එම්. ෆසාල් කොළඹ පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කලේය.

කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදි කිසිඳු කන්ඩායමකට ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.

මෙම පරාජයත් සමගින් රිනවුන් කණ්ඩායමට මෙවර තරගාවලිය අපරාජිතව නිම කිරීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය.

IMG_0169 IMG_0247 IMG_0274 IMG_0277 IMG_0288 IMG_0295 IMG_0349 IMG_0394 IMG_0409 IMG_0433 IMG_0536 IMG_0551 IMG_0599 IMG_0611 IMG_0645 IMG_0682

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා

IMG_0709

ජයග්‍රාහී කොළඹ පාපන්දු කණ්ඩායම

ඡායාරූප- ඕෂිත වරකපිිටිය



Recommended Articles