අංගම්පොර තහනම ඉවත් කරන්නලු


1818 වසරේදී එංගලන්තය විසින් ශ්‍රී ලංකාවේ පාරම්පරික සටන් කලාවක් වන අංගම්පොර සටන් කළාව තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනය අවලංගු කර වර්තමානය වන විට වෘත්තීය සටන් කලාවක් බවට පත්වෙමින් තිබෙන අංගම්පොර සටන් කලාවට ජීවයක් ලබාදෙන්නැයි හෙළ බොඳු සවිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබේ. 1815 උඩරට ගිවිසුමෙන් පසුවද අංගම්පොර සටන් කළාව තහනම් වූ බවත් එම ලිපියේ දැක්වෙයි. ක්‍රීාඩ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාටද මෙම ලිපියේ පිටපත් යොමුකර තිබේ.

ඡායාරූපය - www.angampora.com

 



Recommended Articles