මිස් ක්ලැසී මොඩ්ල් ඉන්ටර්නැෂනල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ මැන්ඩිට


තායිලන්තයේ පැවති මිස් ක්ලැසී මොඩ්ල් ඉන්ටර්නැෂනල් - 2026 ( Miss Clssy Model International - 2026 ) රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මැන්ඩි දිසානායක , එහි ප්‍රථම ස්ථානය දිනා ගෙන 07/09  දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 28 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 07/03 දින සිට 07/07 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි .

මෙම ජයග්‍රහණය රැගත් මැන්ඩි දිසානායක 07/09 දින පස්වරු 04.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මැන්ඩි දිසානායක පිළිගැනීම සදහා ඇයගේ සංවිධායකවරයෙකු වන ආචාර්ය නිර්මාල් බණ්ඩාර මහතා ඇතුළු ඇයගේ පවුලේ ඥාතීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



Recommended Articles