නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ ගැන්සි ටිබෙට් ස්වයං පාලන ප්‍රාන්තයේ සඳුදා ඇති වූ භූමිකම්පාවෙන් පුද්ගලයින් 37දෙනෙකු මියගොස්, 12දෙනෙකු අතුරුදහන් වී, 170 දෙනෙකු රෝහල් ගත කර ඇත.
මේ අතර, භූමිකම්පාවෙන් පසු 200කට අධික පිරිසක් හෙයිලුඕගොව් දර්ශනීය ප්‍රදේශයේ සිරවී සිටින බවද කියයි.
මෙය ග්ලැසියර සහ වනාන්තරවලින් යුතු ස්වභාවික රක්ෂිතයක් වන අතර, මෙසේ කොටුවී සිටින පිරිස් බේරාගැනීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම් පිටත්කර හැර තිබේ.



