සැප්තැම්බර් මස 5දා වනවිට ඇමෙරිකානු මරණ 189,000ක්


ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ප්‍රකාශයට පත් කරන ලද සමූහ අනාවැකියක් අනුව එලැඹෙන සැප්තැම්බර් 5දා වනවිට එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස් මරණ 189,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කරයි.

බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රක්ෂේපණ මගින් මරණ 188,982ක් පුරෝකථනය කර ඇති අතර, එය මරණ 181,375 සිට 201,431 දක්වා විය හැකි බවද දක්වා තිබේ.

කොලරාඩෝ හි ඉදිරි සති හතර තුළ සතියකට වාර්තා වන නව මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත්, ඇරිසෝනා, උතුරු මරියානා දූපත්, වර්මොන්ට් සහ වයොමිං යන ප්‍රාන්තවල මරණ අඩුවිය හැකි බවත් එම පුරෝකථනය වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් පසුගිය අගෝස්තු 6දා ප්‍රකාශයට පත් කරන ලද පූර්ව සමූහ අනාවැකිය, අගෝස්තු 29 වනවිට දළ වශයෙන් නව කොරෝනා වෛරස් මරණ 181,000ක් පුරෝකථනය කර තිබුණි.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරනලද දත්ත වලට අනුව එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසයෙන් අවම වශයෙන් පුද්ගලයන් 167,097ක් මේ වනවිට මියගොස් ඇති අතර, වෛරසය ආසාදිත සංඛ්‍යාව 5,248,678ක් බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles