වාර්තාගත ලෙස ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම සිදුවේ


නව පර්යේෂණයන්ට අනුව, වාර්තාගත සංඛ්‍යාවක් තම එක්සත් ජනපද පුරවැසිභාවය අත්හරිති. මෙන්න හේතුව

වාර්තාගත පිරිසක් තම එක්සත් ජනපද පුරවැසිභාවය අත්හරින බව එරට තුළ ඊයේ (09දා) ප්‍රකාශයට පත්කරන ලද නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.

2019 වසර පුරාම පුරවැසිභාවය අතහැර දැමූ ඇමෙරිකානුවන් 2,072ට සාපේක්ෂව, 2020 මුල් මාස හය තුළ ඇමරිකානුවන් 5,800කට වැඩි පිරිසක් සිය පුරවැසිභාවය අත්හැර ඇති බව එහිදී අනාවරණය වෙයි.

එක්සත් ජනපදයේ සිටින විදේශිකයන්ගේ බදු, එක්සත් රාජධානියේ විදේශිකයන්, නළු නිළියන් සහ එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ වෙනත් නිර්මාණකරුවන් සම්බන්ධයෙන් විශේෂඥභාවයක් දක්වන නිව්යෝක්හි පිහිටි බැම්බ්‍රිජ් ගණකාධිකාරී සමාගම මෙම පර්යේෂණය සිදුකර තිබේ.

එක්සත් ජනපද රජය විසින් සෑම මාස තුනකට වරක් ප්‍රකාශයට පත් කරන ලද මහජන දත්ත, පුරවැසිභාවය අත්හරින සියලුම ඇමරිකානුවන්ගේ නම් පරීක්ෂා කරන බව එම සමාගම පවසයි.

"මොවුන් ප්‍රධාන වශයෙන් දැනටමත් එක්සත් ජනපදය හැර ගොස් ඇති අයයි. ඔවුන්ට දැන් මෙහි සෑම දෙයක්ම පාහේ ඇතිවෙලා" යනුවෙන් බැම්බ්‍රිජ් ගණකාධිකාරී හවුල්කරුවෙකු වන ඇලිස්ටෙයාර් බැම්බ්‍රිජ් පැවසීය.

"අප දුටු දෙය නම් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සිදුවන සෑම දෙයක්ම, විශේෂයෙන් ඔහු නව කොරෝනා වසංගතය හසුරුවන ආකාරය සහ මේ මොහොතේ එක්සත් ජනපදයේ දේශපාලන ප්‍රතිපත්ති යනාදියයි."

පුරවැසිභාවය අතහැර දැමූ බොහෝ අය එක්සත් ජනපදයේ වර්තමාන දේශපාලන වාතාවරණය ගැන නොසතුටින් සිටින අතර, ඔවුන්ගේ තීරණයට එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක වන බදු ක්‍රමයද තවත් හේතුවක් බව ඔහු කියා සිටියේය.



Recommended Articles