ලෝකයේ ප්‍රථම COVAX එන්නත ඝානා ජනපතිට


ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ලොවපුරා නොමිලේ එන්නත් බෙදාහැරීමේ COVAX වැඩසටහන හරහා ලබාදුන් ප්‍රථම එන්නත ඝානා ජනාධිපති නනා අකුෆෝ-අඩ්ඩෝ වෙත ඊයේ (01දා) ලබාදී තිබේ.

"මේ එන්නත මුලින්ම ලබා ගැනීමෙන් එය ආරක්ෂිත බවට මා ආදර්ශයක් තැබීම වැදගත්. එබැවින් ඝානාවේ සෑම කෙනෙකුටම මේ එන්නත ගැනීම ගැන පහසුවක් දැනෙනු ඇති" ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්තත ලබාගැනීමට පෙර 76 හැවිරිදි ඝානාජනාධිපතිවරයා සජීව විකාශයක පවසා සිටියේය.



Recommended Articles