බුදුන්ගේ පූජනීය මැණික් තොගයක් නැවතත් ඉන්දියාවට


ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ වෙන්දේසි සමාගමක් වන Sotheby’s සමාගමට අයත්ව තිබූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බව පැවසෙන පූජනීය මැණික් ප්‍රමාණයකින් කොටසක් ඉන්දියාව වෙත භාරදීමට එම සමාගම පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. 

මෙම පූජනීය මැණික් තොගය පසුගිය මැයි මාසයේදී හොංකොංහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබූ අතර, ඊට ඉන්දියාව ඇතුළුව ලොව පුරා බෞද්ධ ජනතාවගේ දැඩි විරෝධය එල්ල විය. කෙසේ වෙතත් මෙම වෙන්දේසිය සම්බන්ධයෙන් ඉන්දියාව සිදුකළ රාජතාන්ත්‍රික මැදිහත්වීමක ප්‍රතිඵලයක් ලෙස මෙම මැණික් ආපසු ඉන්දියාව වෙත හිමිව තිබෙන බව සඳහන් වෙයි. 

Sotheby’s සමාගම සඳහන් කරන ආකාරයට ඉන්දියාවේ පිහිටි ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ගොඩ්‍රිජ් ඉන්ඩස්ට්‍රීස් සමාගම මෙම මැණික් මිලදී ගෙන තිබේ. ඒ අනුව මෙම මැණික් නැවතත් ඉන්දියාව ලබාදීමට හැකිවීම ගැන සතුටට පත්වන බව Sotheby’s සමාගම පවසා තිබේ.  

ඒ අනුව ඉදිරියේදී ඉන්දියාව තුළ මෙම පූජනීය මැණික් මහජන ප්‍රදර්ශනය සඳහා ස්ථිරවම තැනක තැන්පත් කෙරෙනු ඇති බව එම වෙන්දේසි සමාගම සඳහන් කරයි. 

 



Recommended Articles