දෙවැනි එළිසබෙත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරුන්ගේ වියෝව, ඇගේ ජීවිතයේ විශාල අඩුවක් ඉතිරි කර ඇති බව ඔවුන්ගේ පුත් ඇන්ඩෘ කුමරු පවසයි.
රෝයල් ලොජ් වින්ඩ්සර් හි දේවස්ථානයේ දේව මෙහෙයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යෝක් හි ආදිපාදවරයා පවසා සිටියේ, "අන් සියල්ලන්ටම වඩා එය දැනෙන මගේ මව ගැන මට බොහෝ කනගාටුවක් ඇතිවෙනවා." යනුවෙනි.
රැජිනගේ ජීවිත කාලය පුරාම ඇගේ සහකරු සහ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් සේවය කළ රාජකීය ස්වාමියා ලෙසත් පිලිප් වයස අවුරුදු 99 දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ දේහය සෙනසුරාදා පැවැත්වෙන අවමංගල්‍යය උත්සවය තෙක් වින්ඩ්සර් කාසල් හි තැන්පත් කරනු ඇත.
"ඔහු විශිෂ්ට මිනිසෙක්. මම ඔහුට පියෙකු ලෙස ආදරය කළා. ඔහු හරිම සන්සුන්යි. ඕනෑම අයෙකුට ගැටලුවක් ඇත්නම් ඔහු ඒ ගැන සිතනවා" ඇන්ඩෘ පැවසීය. "ඔහු වෙත සැමවිටම ඔබට යා හැකි කෙනෙක් ලෙසයි ඔහු ජීවත් වුණේ."


