දකුණු කොරියාව ඇමෙරිකාවේ බද්ද සියයට 25 සිට සියයට 15ට අඩුකර ගනියි


එක්සත් ජනපදය දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 15% ක තීරුබදු අය කරන බවඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දකුණු කොරියාව සමග " සම්පූර්ණ වෙළඳ ගිවිසුමක්" අත්සන් කරන බවයි.

මීට පෙර දකුණු කොරියාවට සියයට 25ක බදු අයකරන බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් නියමිත කාලසීමාව එනම් අගෝස්තු 01 දාට පෙර තම බදු ප්‍රතිශයතය සියයට 15ක් දක්වා අඩු කර ගනිමින් නව ගිවිසුමකට එළැඹීමට දකුණු කොරියාව සමත්ව තිබේ.

ජපානයටද එක්සත් ජනපදය සමඟ 15% ක තීරුබදු අනුපාතයක් පැනවීමට කටයුතු කරනු ලැබීය.

ගිවිසුම අනුව දකුණු කොරියාව එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 350 (පවුම් බිලියන 264.1) ආයෝජන සිදු කිරීමට නියමිතය.ගනුදෙනුවට දකුණු කොරියාව සාර්ථකත්වයක් ලෙස ප්‍රතිචාර දක්වා ඇත. පසුගිය වසරේ එක්සත් ජනපදය සමඟ අවම වශයෙන් ඩොලර් බිලියන 56 ක වාර්තාගත වෙළඳ අතිරික්තයක් තබා ගැනීමට දකුණු කොරියාව සමත්විය.



Recommended Articles