තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයූත් චාන්-ඕ-චාට ඊයේ (16දා) ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදී තිබේ.
ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති කතාබහ නිසා මීට පෙර සිදුවීමට නියමිතව තිබූ මෙම එන්නත් වැඩසටහන කල් දැමුණත්, එය යළි ආරම්භ කරමින් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ජනතාවට ඒත්තු ගැන්වීමට අගමැතිවරයාද මෙසේ එන්නත විදගෙන තිබේ.
මේ අතර ජපාන අගමැති යොෂිහයිඩ් සුගා ඊයේ (16දා) ඔහුගේ පළමු වැනි එන්නත් මාත්‍රාව වන ෆයිසර් හි කොවිඩ්-19 මර්දන එන්නත ලබාගෙන ඇත.





