ට්‍රම්ප් තම සටන් විරාමය තවත් දින 10කට කල් දමයි


ජනාධිපති ට්‍රම්ප් සඳුදා නිවේදනය කළේ ඉරාන බලශක්ති බලාගාරවලට එරෙහිව සිය ප්‍රහාර අත්හිටුවීම තවත් දින 10කට දීරඝ කරන බවයි. සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඔහු පැවසුවේ එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා "දිගටම" පවතින හෙයින් මෙම තීරණය ගත් බවයි.

"ඉරාන රජයේ ඉල්ලීම පරිදි 2026 අප්‍රේල් 6 වන සඳුදා නැගෙනහිර වේලාවෙන් රාත්‍රී 8 දක්වා දින 10 කින් බලශක්ති බලාගාර විනාශ කිරීමට ගත් තීරණය තවදුරටත් අත්හිටුවනු ලබනවා. සාකච්ඡා අඛණ්ඩව සිදුවන අතර, ව්‍යාජ ප්‍රවෘත්ති මාධ්‍ය සහ අනෙකුත් අය විසින් ප්‍රතිවිරුද්ධ ලෙස වැරදි ප්‍රකාශ නිකුත් කළද, ඒවා ඉතා හොඳින් සිදුවෙමින් පවතී. මේ කාරණය කෙරෙහි ඔබේ අවධානයට ස්තූතියි! ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්"



Recommended Articles