චීනයෙන් සඳුදා දින කොවිඩ් ආසාදිතයන් 44ක් වාර්තා වේ


තවත් කොවිඩ්-19 ආසාදිතයන් 44ක් චීනයේ සඳුදා දිනයේ වාර්තා වී ඇති අතර, දේශීයව සම්ප්‍රේෂණය වූ ආසාදිතයන් 13ක් සහ විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන් 31ක් ඒ අතර සිටින බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම අද (11දා) නිවේදනය කළේය.

මෙහිදී සියලුම දේශීය ආසාදිතයන් වාර්තා වී ඇත්තේ සින්ජියැන්ග් හි බටහිර කලාපයේ බවද ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

එමෙන්ම රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 17 දෙනෙකුද සඳුදා වාර්තා වූ බව චීනය සඳහන් කරයි. කෙසේ වෙතත් රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන්, චීනය සමස්ත ආසාදිතයන් අගයට එකතු නොකර වෙනම ගණනය කරයි.

චීනයේ සෞඛ්‍ය කොමිසම පවසන්නේ වසංගතය ආරම්භ වූ දා සිට චීනයේ කොවිඩ්-19 ආසාදිතයන් 84,712ක් වාර්තා වී ඇති බවය.



Recommended Articles