කාම්බෝජය වහාම සටන් විරාමක් ඉල්ලයි


තායිලන්තය සමඟ "වහාම" සටන් විරාමයක් අවශ්‍ය බව කාම්බෝජය සඳහන් කර තිබේ. දෙරට අතර මීට දින කිහිපයකට පමණ පෙර ආරම්භ වූ දේශසීමා ගැටුම්වලින් සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයින් 32 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති චීයා කියෝ පැවසුවේ තම රට "කොන්දේසි විරහිතව" සටන් විරාමයක් ඉල්ලා සිටි බවයි.

තෙවන පාර්ශවීය මැදිහත්වීම ප්‍රතික්ෂේප කරන තායිලන්තය මෙම යෝජනාව පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත. තායිලන්තය මීට පෙර කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත් කළේය.

අග්නිදිග ආසියානු රටවල් දෙකෙහි මෑතදී ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 32 දෙනෙකු සොල්දාදුවන් සහ සිවිල් වැසියන්ද ඇතුළුව මිය ගොස් ඇති අතර 200,000 කට ආසන්න සංඛ්‍යාවක් අවතැන් ව තිබේ.

බ්‍රහස්පතින්දා ආරම්භ වූ සටන්වලින් අනතුරුව පළමුව වෙඩි තැබීම සම්බන්ධයෙන්  රටවල් දෙක එකිනෙකාට චෝදනා කරමින් සිටියි.



Recommended Articles