ඉරානයෙන් ඊශ්‍රායෙලයට දැවැන්ත ප්‍රහාරයක්


ඉරානය විසින් ඊශ්‍රායෙලයට දැවැන්ත  මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊශ්‍රායෙල වේලාවෙන් ඊයේ රාත්‍රී 11.30ට පමණ මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර තිබේ.

ඉරාන මාධ්‍ය වාර්තා කළේ මිසයල් ප්‍රහාර සියයකට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි. එසේම ටෙල් අවිව් ඉලක්ක කර ගනිමින් මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර තිබේ.

මේ අතර ඊශ්‍රායෙලය විසින් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටා ඇති සහරායන් තෙල් සංකීර්ණය ඉලක්ක කරමින් ප්‍රහාර මාලාවක්ද දියත් කර තිබේ.්‍

ඊශ්‍රා යෙලය තවදුරටත් ඉරානය වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් තම ප්‍රහාර දැඩි කරන බව ඉරානය විසින් අනතුරු අඟවා තිබේ. 

ඉරාන ප්‍රහාර වලින් ඊශ්‍රා යෙල වැසියන් 6ක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ්‍



Recommended Articles