14 හැවැරිදි ළමයෙකුගේ වෙඩි තැබීමකින් තුර්කි පාසලක සිසුන් 8ක් හා ගුරුවරයෙක් මරුට


දකුණු තුර්කියේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් සිසුන් අට දෙනෙකු සහ ගුරුවරයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මුස්තාෆා සිෆ්සි පැවසීය.

කහරමන්මාරාස් ප්‍රදේශයේ අයිසර් කැලික් ද්විතීයික පාසලේදී මෙම සිදුවීම සිදුවී ඇති අතර, එහිදී පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, හය දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් සිෆ්සි පැවසීය.

සිද්ධිය අතරතුර 14 හැවිරිදි ප්‍රහාරකයාද මිය ගිය බව නිලධාරීන් පැවසීය.  තුර්කියේ තවත් උසස් පාසලකට හිටපු ශිෂ්‍යයෙකු වෙඩි තබා 16 දෙනෙකු තුවාල ලබා ඔහු  සියදිවි නසා ගැනීමෙන් දිනකට පසුව මෙම වෙඩි තැබීම සිදුව තිබේ.



Recommended Articles