හොන්ඩුරාස් ජනපති සහෝදරිය හෙලිකොප්ටර් අනතුරකින් මරුට


හොන්ඩුරාස් ජනපති ජුආන් ඔර්ලැන්ඩෝ හර්නැන්ඩස්ගේ සහෝදරිය සහ තවත් පුද්ගලයන් පස් දෙනෙකු ගමන් කළ හෙලිකොප්ටරය කඩා වැටීමෙන් ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

51 හැවිරිදි හිල්ඩා හර්නැන්ඩස් ගමන් කළ ගුවන් හමුදා හෙලිකොප්ටරය ඊයේ (16දා) රේඩාර් තිරයෙන් අතුරුදන්ව තිබුණි.

සාටෝ කානෝ ගුවන් හමුදා කඳවුර වෙත යානය පැමිණීමට නියමිතව තිබුණත් පැය කිහිපයක සෝදිසි මෙහෙයුමකින් පසුව යානය කඳුකර ප්‍රදේශයක කඩා වැටී ඇති බව තහවුරු කරගෙන තිබුණි.

ඒ අනුව යානයේ ගමන් කළ පුද්ගලයන් 6 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, අයහපත් කාලගුණය අනතුරට හේතු විය හැකි බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

1_Helicopter_06092016 2



Recommended Articles