හොන්ඩුරාස් ජනපතිවරණ ප්‍රතිඵල සමග රට පුරා ගැටුම්


හොන්ඩුරාස් ජනාධිපතිවරණයෙන් පසුව එරට තුළ ඇවිලෙමින් පවතින ප්‍රචණ්ඩක්‍රියා මැඬපැවැත්වීමට එරට හමුදාවට සහ පොලීසියට වැඩි බලයක් ලබාදීමට රජය කටයුතු කර තිබේ.

එරට රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රට තුළ ඇඳිරි නීතිය පනවමින්, කලහකාරී ලෙස කටයුතු කරන පිරිස් අත්ඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත බලය පැවරී ඇති බවයි.

ජනාධිපතිවරණයෙන් පසුව ඡන්ද පෙට්ටි 5,000ක් පමණ යළි ගණන් කරන ලෙස එරට ප්‍රධාන විපක්ෂය ඉල්ලා සිටීමත් සමග ගැටුම් උත්සන්න වූ අතර, විපක්ෂය නියෝජනය කළ ප්‍රධාන අපේක්ෂකයා වූ සැල්වදෝර් නසරැල්ලා ඡන්ද ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත්, බලයේ සිටි ජනපති ජුආන් ඔර්ලැන්ඩේ හර්නැන්ඩර්ස් මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා ඇති මැතිවරණ බලධාරීන් සඳහන් කර තිබුණත්, මේ දක්වා ගැටුම්වලින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

1_Honduras



Recommended Articles