ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වීදි බැස සිටින හොංකොං ශිෂ්‍ය උද්ඝෝෂකයන් රැඳී සිටි වීදි කඳවුරක් ඉවත් කිරීමට යෑමේදී බලධාරීන් සමග ගැටුම් ඇති කරගත් උද්ඝෝෂකයන් රැසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්වූ උද්ඝෝෂකයන් අතර, එරට පෙළේ ශිෂ්‍ය ක්‍රියාධරයන් දෙදෙනකුද සිටින බවද විදෙස් පුවත් සේවා පවසයි.
එරට කොව්ලූන් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අවුරාලමින් උද්ඝෝෂකයන් විසින් තනා තිබූ කඳවුර ඉවත් කිරීමට පැමිණි පිරිස සමග උද්ඝෝෂකයන් පොර බැද ඇති අතර, ඒ අවස්ථාවේදී උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සඳහා පොලීසිය බැටන් ප්‍රහාර හා ගම්මිරිස් ප්‍රහාර එල්ල කර තිබේ.
හොංකොං තුළ චීන පරිපාලනයේ මැදිහත් වීමකින් තොරව මැතිවරණ පැවැත්වීම සඳහා නිදහස ඉල්ලා හොංකොං ශිෂ්‍යයෝ වීදි බැස සිටින්නේ දැනට මාස කිහිපයක සිටය.