හොංකොං විරෝධතාකරුවන් ක්‍රමයෙන් අඩුවෙයි


හොංකොං නගරයේ රැස්ව සිටින දහස් ගණන් විරෝධතාකරුවන්ට වීදිවලින් ඉවත්වීමට රජය ලබාදී තිබූ කාල සීමාව ඉක්ම ගියත් ඔවුන් තවමත් වීදිවල දක්නට ලැබෙන බව විදෙස් පුවත් සේවා පවසයි.

කෙසේ වෙතත්, මෙසේ රැඳී සිටින පිරිස් ක්‍රමයෙන් අඩුවන බවක් පෙනෙන බවත්, රජයේ ගොඩනැගිලි වෙත සේවකයන් පැමිණෙමින් සිටින බවත් එරටින් වාර්තා වෙයි.

හොංකොං විරෝධතාකරුවන් පවසන්නේ 2017 මැතිවරණය වෙනුවෙන් චීන ගැති පුද්ගයෙකු නම් නොකර, ස්වාධීන මැතිවරණයක් වෙනුවෙන් එරටට අවස්ථාව ලබාදිය යුතු බවයි.

 



Recommended Articles