ජර්මනියේ හිටපු චාන්සලර්වරයෙකු වූ හෙල්මුට් ෂෙමිට් අවුරුදු 96ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජර්මනියේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඔහු බටහිර ජර්මනියේ චාන්සලර් ලෙස කටයුතු කළේ 1974 සිට 1982 දක්වා වූ කාලයයි.
එම චාන්සලර් ධුරය ලැබීමට පෙර ඔහු බටහිර ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ.