සෝලා ඉම්පල්ස් පැසිෆික් තරණය අරඹයි


ඉන්ධන භාවියක් නොමැති සෝලා ඉම්පල්ස් ගුවන් යානයේ නැගී චීනයේ සිට හවායි දක්වා වූ පැසිෆික් සාගර තරණය ස්විට්සර්ලන්ත ගුවන් නියමු අන්ඩ්‍රෙ බෝෂ්බර්ග් විසින් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

පරීක්ෂණ මට්ටමේ පවතින මෙම ගුවන් යානයේ තටු ජම්බෝ ජෙට් යානයක තටුවලට වඩා විශාලත්වයෙන් යුතු වුවත්, එය තරමක් විශාල මෝටර් රථයක තරම් බරකින් යුතු යානයකි.

චීනයේ නැන්ජින්ග් ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹි යානය මධ්‍යම පැසිෆික් ගමනාන්තය වෙත ළඟවීමට දින පහක හෝ හයක කාලයක් ගනු ඇති බව පැවසෙයි.



Recommended Articles