සෙනගාල් රාජ්‍යයේත් ඉබෝලා


ඉබෝලා වෛසරය පැතිරුණු බටහිර අප්‍රිකානු රටවල් අතරට තවත් රටක් එක්වෙමින්, සෙනගාල් රාජ්‍යයේ ප්‍රථම ඉබෝලා රෝගියා වාර්තා වන බව එරට සෞඛ්‍යය බලධාරීන් පවසයි.

ඒ අනුව, මේ වනවිට බටහිර අප්‍රිකානු රටවල් පහක ඉබෝලා වෛරසය පැතිර පවතී. සෙනගාල් සෞඛ්‍ය අමාත්‍ය ආවා මාරි පවසා ඇත්තේ ගිනියා සිට පැමිණි තරුණයෙකුට ඉබෝලා ශරීරගතව ඇති බව තහවුරු වී ඇති බවයි.

ඒ අනුව, එම තරුණයා වහාම ආරක්ෂිත වාට්ටුවක රඳවා ප්‍රතිකාර කිරීමට පියවර ගත් බව එරට බලධාරීන් වැඩිදුරටත් පවසයි.

ගිනියාව මූලික කරගෙන මෙවර පැතිරීම ඇරඹුණු ඉබෝලා වෛරසය හේතුවෙන් පුද්ගලයන් 1,500ක් පමණ මෙම කලාපය තුළ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ වනවිට පුද්ගලයන් 3,000කට පමණ වෛරසය ශරීරගත වී ඇති බව තහවුරු වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ වෛරසය පාලනය කරන විට එය පුද්ගලයන් 20,000කට පමණ ශරීරගත වීමට ඉඩ ඇති බවයි.



Recommended Articles