සිරියානු ජනතාව ආහාර නැතිව හාමතේ - එක්සත් ජාතීන්


සිරියානු රජයේ හමුදා හා කැරලිකාර පාර්ශ්ව අතර මාස ගණනක් පුරා පවතින සටන් හේතුවෙන් එරට ජනතාවගේ ආහාර ඇතුළු මූලික අවශ්‍යතා සම්පූර්ණයෙන් කපා හෙළා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානියා පවසයි.

කුසට අහරක් නොමැතිව හාමතේ සිටින්නවුන් එරට අගනුවර වූ ඩමස්කස් නුවර පවා සිටින බව තමන්ට දැනගැනීමට ලැබුනේ යැයි වැලරි ආමෝස් බී.බී.සී.යට පවසා ඇත.දවසින් දවස සිරියාවේ තත්ත්වය දරුණු අතට හැරෙන බවත්, මූලික අවශ්‍යතා සපුරාගත නොහැකිව පීඩා විඳින සිරියානුවන්ගේ අනේකවිධ දුක්වේදනා රැගත් කතා ප්‍රවෘත්තීන් රැසක් පවතින බවත් කියැවෙයි.

මෙම සටනේදී දෙපාර්ශ්වය විසින්ම ආහාර අවියක් කරගෙන ඇති බවත්, එය සටන් මගින් භූමිය අත්පත් කරගැනීමේදී ඔවුන් යොදාගන්නා බවත් පැවසෙයි. 2011 මාර්තු මාසයේ ආරම්භ වූ සිරියානු අර්බුදය හේතුවෙන් මේ වනවිට 100,000 කට ආසන්න ජීවිත හානිවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

 



Recommended Articles