සිරියානු අර්බුදය විසඳීමට ඕනෑම රටක් සමග එක්වෙනවා - ඔබාමා


සිරියානු අර්බුදය විසඳීම සඳහා ඕනෑම රටක්, එනම් රුසියාව හෝ ඉරානය සමග වුව එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අවධාරණය කරයි.

ඇමෙරිකාවේ, නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.

කෙසේ වෙතත්, අසාද් පාලනයෙන් ඔබ්බට බල හුවමාරුවක් සම්බන්ධයෙන් යථාර්ථයක අවශ්‍යතාවද ඔබාමා මෙහිදී ඉස්මතු කළේය.

කෙසේ වෙතත්, සිරියාවේ සමීප මිත්‍රයෙකු වන රුසියානු නායක ව්ලැඩිමීර් පූටින් සමගද ඔබාමා ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

කුඩා දරුවන් වෙත බැරල් බෝම්බ හෙලන අසාද් ක්‍රෑර පාලකයෙකු ලෙස සිය කතාවේදී ඔබාමා හඳුන්වා දුන්නේය.



Recommended Articles