ස්වීඩනය සංක්‍රමණිකයන් පාලනයට පියවර ගනී


ස්වීඩනයට ඇතුළු වන සංක්‍රමණිකයන් පාලනය කිරීම සඳහා තාවකාලික දේශසීමා පරීක්ෂණ ආරම්භ කළ බව එරට රජය නිවේදනය කරයි.

වැළ නොකැඩී පාලනයකින් තොරව පැමිණෙන සංක්‍රමණිකයන් එරට තුළ සාමය හා සංහිදියාවට තර්ජනයක් බැවින් මෙවැනි පියවරක් ගත් බව ස්වීඩනය පවසයි.

අප්‍රිකා කලාපය මූලික කරගත් සංක්‍රමණික අර්බුදයේ මූල බීජය සොයමින් ඊට පිළියම් සෙවීම සඳහා යුරොපා සංගමය ඇ.ඩො.බිලියන 1.3ක අරමුදලක් පිහිටුවා ගැනීමටද කටයුතු කළේය.

කෙසේ වෙතත්, ඇතැම් අප්‍රිකානු රටවල රාජ්‍ය නායකයන් පවසා තිබුණේ මීට පිළියම් සෙවීමට ප්‍රමාණවත් වෙන් කිරීමක් යුරෝපා සංගමය සිදුකර නොමැති බවයි.



Recommended Articles