ස්විස් පාසල්වලදී ඉස්ලාමීය දැරියන්ද මිශ්‍ර පිහිනුම් තටාක


ස්විට්සර්ලන්තයේ ජීවත්වන ඉස්ලාමීය දෙමවුපියන් සිය දියණියන් එරට පාසල් තුළ පවතින මිශ්‍ර පිහිනුම් තටාකවල පුහුණුවට එවිය යුතු බවට යුරෝපා මානව හිමිකම් අධිකරණයේදී ඇසුණු නඩුවෙන් ස්විට්සර්ලන්තය ජයග්‍රහනය කර තිබේ.

එහිදී, ස්විස් බලධාරීන් පෙන්වාදී තිබුණේ ඔවුන් එරට අධ්‍යාපන ක්‍රියාපටිපාටීන් අනුව කටයුතු කරන බවත්, එය ස්විස් සමාජය තුළ දරුවන් සාර්ථකව එකිනෙකා හා මිශ්‍රව කටයුතු කිරීමේ අධ්‍යාපන වැඩපිළිවෙළක් බවයි.

එහිදී, ආගමික පසුබිමක් මුල් කරගනිමින් එරට අධ්‍යාපන ක්‍රියාපටිපාටිය වෙත මෙම බලපෑම සිදුව තිබූ බව යුරෝපා මානව හිමිකම් අධිකරණය වෙත මෙම නඩුව යොමුව තිබුණි.

කෙසේ වෙතත්, නඩුව විභාගයට ගෙන තිබූ විනිසුරුවන් පවසා තිබුණේ මේ ආකාරයෙන් කුඩා දරුවන් මිශ්‍රව පාසල් පිහිනුම් තටාකවල පුහුණුවීම්වල නිරතවීම කිසිදු ආකාරයක නීති කැඩීමක් නොවන බවයි.

තුර්කි සම්භවයක් සහිත ස්විස් ජාතික දෙමවුපියන් දෙපළක් විසින් මෙම නඩුව ඉදිරියට ගෙන තිබූ අතර, ඔවුන් බසෙල් නගරයේ වූ පාසල් මිශ්‍ර පිහිනුම් තටාකවල සිය දියණියන් පුහුණුවට යැවීම ප්‍රතික්ෂේප කර තිබුණි.

 



Recommended Articles