සරණාගතභාවය ගැන ජර්මනිය යළි සලකා බලයි


ජර්මානු දේශසීමා වෙත සිරියාව ප්‍රමුඛ මැදපෙරදිග හා ආසියානු කලාපයෙන් පැමිණි සංක්‍රමණිකයන්ගෙන් සරණාගතභාවය ලබාගැනීමට අපොහොසත් වූ පිරිස් වෙත නැවත සලකා බැලීමක් කිරීමට ජර්මනිය තීරණය කර තිබේ.

ඒ අනුව, ඔවුන්ගේ ලියාපදිංචි කිරීම් නැවත සලකා බැලීම සඳහා නව මධ්‍යස්ථාන පහක් ඇති කිරීමට ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් කටයුතු කර තිබේ.

මෙම පියවර සම්බන්ධයෙන් ජර්මනියේ දේශපාලන පක්ෂ අතර පසුගිය සතිය පුරා සාකච්ඡා පැවති අතර, අවසානයේදී සරණාගතයන් පිළිබඳ යළි සලකා බැලීමට එකඟත්වයට පැමිණ තිබුණි.

ජර්මනිය පවසන්නේ මෙම වසරේදී ලක්ෂ 8ක් සරණාගතයන්ට සරණාගතභාවය ලබාදීමට ඔවුන් අපේක්ෂා කරන බවයි.



Recommended Articles