නැගෙනහිර බැග්ඩෑඩයේ එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉරාක අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පවසා සිටියේ ආරක්ෂක අංශ විසින් සැකකටයුතු රථයකට වෙඩි තබද්දී, එම රථය පුපුරුවා ගැනීමක් සිදුව ඇති බවයි.
මෙම ප්‍රහාරය තම සංවිධානය විසින් සිදුකළ බව IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් අමාක් පුවත් ඒජන්සිය හරහා පවසා තිබේ.
බැග්ඩෑඩ් නුවර ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරමින් නිරන්තරයෙන් එල්ලවන ප්‍රහාර මාලාවේ අලුත්ම ප්‍රහාරය මෙය වන අතර, පසුගිය ජනවාරි 2 වැනිදා එල්ල වූ මෙවැනිම ප්‍රහාරයකින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
ෂියා මුස්ලිම්වරු ජීවත්වන සදර් දිස්ත්‍රික්කයේ එළවළු වෙළෙඳ පොළක් ආශ්‍රිතව මෙම කාර් බෝම්බය පුපුරුවා හැර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට ඉරාක රජයේ හමුදා සහ ඒකාබද්ධ හමුදා ප්‍රහාර වැඩිවීමත් සමග ඔවුන් මේ ආකාරයෙන් සාමාන්‍ය ජනතාව ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහාර වැඩිවී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.