ලිබියාවේ හටගෙන ඇති දේශපාලන ව්‍යවුල් තත්ත්වය සමග ලිබියානු අගමැති අබ්දුල්ලාහ් අල්-තින්නි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
පසුගිය සතියේදී ලිබියාවේ ට්‍රිපෝලි නගරය අත්පත් කරගත් ඉස්ලාමීය සම්බන්ධතා සහිත කැරලි හමුදාව පවසා සිටියේ තෝරාපත් කරගත් මන්ත්‍රීවරු ඉවත් වී මීට පෙර පැවති දේශපාලන අධිකාරියම බලයට පත්කරන ලෙසයි.
2011 වසරේදී ලිබියානු නායක මුවම්මර් ගඩාෆි සිය ධුරයෙන් ඉවත්කිරීමේ සිට මේ දක්වා ලිබියාව දැඩි දේශපාලන ව්‍යවුලක පසුවන අතර, ස්ථාවර රජයක් පිහිටුවීමද දැඩි අර්බුදයක පැවතිණි.
කෙසේ වෙතත්, මේ වනවිට තත්ත්වය තවත් ව්‍යවුලකට පත්වෙමින් ඇති අතර, ප්‍රංශ ජනපති හොලන්දේ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක් කළේ ලිබියාවේ තත්ත්වය තවත් දරුණු වීමට පෙර ඒ වෙත දැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.