ලන්ඩනයේ කාන්තාවක් සිය නිවසේ පිටුපසදී ගෙල සිඳ මරා දමා ඇති බව වාර්තා වෙයි.
මන්නා පිහියක් අතින් ගත් පුද්ගලයෙකු මෙම කාන්තාව ගෙල සිඳ මරාදමා ඇති බව ලන්ඩන් පොලීසිය පවසයි.
උතුරුදිග ලන්ඩනයේ, එඩ්මොන්ටන් ආශ්‍රිතව මේ මරණය සිදුව ඇති අතර, මෙය ත්‍රස්ත ප්‍රහාරයක්ද යන්න පිළිබඳ තවමත් තොරතුරු නොපවතින බව කියැවෙයි.
කාන්තාව මරා දැමීමෙන් පසුව මෙම තැනැත්තා අසල්වාසී නිවෙස්වල සුරතල් සතුන්ටද පහර දී ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, අවසානයේදී 25 හැවිරිදි ඝාතකයා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව ඇති අතර, අත්අඩංගුවට ගැනීමේදී ඔහුට සිදුවූ තුවාල නිසා ඔහු රෝහල් ගතකර ඇති බවද වාර්තා වෙයි.